රොෂාන්ගෙන් ජනපතිට යෝජනාවලියක්

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ පවතින ආර්ථික දේශපාලන සමාජ අර්බුදයට කෙටිකාලීන හා මධ්‍යකාලීන යෝජනා ඇතුලත් කරමින්.

පවතින අර්බුදය හමුවේ පොදු ජනතාව පත්ව ඇති පීඩිත තත්ත්වයෙන් මුදාගැනීම සදහා ගත හැකි ඉතා සරළ එහෙත් ඵලදායීතාවයෙන් ඉහළ ප‍්‍රායෝගික යෝජනා පමණක් ඉදිරිපත් කරන බවයි ඔහු එම ලිපියෙන් ප‍්‍රකාශ කර ඇත්තේ.

ක්ෂේත‍්‍ර 8 ක් පිළිබද කරුණු දක්වමින් මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන විසදුමක් සදහා යොමු වන ලෙසයි.

ඒ අනුව කඩිනමින් ජාතික ආණ්ඩු සංකල්පයකට හෝ අන්තර්වාර පාලනයකට යොමුවීම සුදුසු බව ද මන්ත‍්‍රීවරයා සිය ලිපියෙන් යෝජනා කර තිබෙනවා.

සමාජ කෝපය සන්සිදුවා පීඩිත මහජනතාවට සහනයක් ලබාදීමට ජනාධිපතිවරයාට හැකියාවක් ඇති බවයි රොෂාන් රණසිංහ මහතා එම ලිපියෙහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com