මාතලේ දිස්ත්‍රීක්කයේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී කුමන්ත්රණකාරී ලෙස කටයුතු සිදුවෙමින් ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව පවසා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රෝහණ දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබයි. මාතලේ දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මේ බව ප්‍රකාශ කර තිබේ.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් සමඟ රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර ඉල්ලා අස්වීම පිළිබඳව තමන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දන්වන බවත් ඉදිරි සංවර්ධන කමිටු රැස්වීම් වලට සහභාගී නොවන බවද ඔහු එහිදී පවසා ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්