රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රධාන රෝහල් 20ක් ඉදිරිපිට අද (19) උද්ඝෝෂණ මාලාවක් පවත්වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ.
පසුගිය ජනවාරි 06 වැනිදා ද දිවයිනේ ප්‍රධාන රෝහල් 17ක් ඉදිරිපිට මෙලෙස උද්ඝෝෂණ පැවැත් වූවද තවමත් සිය සේවකයන්ගේ ඉල්ලීම්වලට ස්ථිර විසඳුමක් ලබා දී නොමැති බවද උන්වහන්සේ පැවසූහ.
ඒ අනුව ගාල්ල, බලපිටිය, ඇල්පිටිය, පානදුර, හොරණ, බේරුවල, අරණායක, මාතලේ, හෙට්ටිපොළ, ගම්පොළ, නුවරඑළිය, වාකරේ සහ පේරාදෙණිය ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.
සතියේ වැඩ කරන අමතර පැය අටට වැටුපෙන් තිහෙන් එකක් දීමනාවක් ලබාදෙන ලෙස සහ දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම්, සේවකයන් වහා ස්ථිර කිරීම ප්‍රධාන ඉල්ලීම් මූලික කරගෙන මෙම උද්ඝෝෂණ මාලාව පැවැත්වෙයි.
රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ගේ ඉල්ලීම් අතරට නිල ඇඳුම රුපියල් පහළොස් දහස කිරීම, සියලු සෞඛ්‍ය සේවකයන්ට අවදානම් දීමනා ලබා ගැනීම, ප්‍රමාදකළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබා ගැනීම සහ උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනා පොලී රහිතව නැවත ලබා ගැනීම යන ඉල්ලීම්වලට ඇතුළත් වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්