හේමමාලා සහ දන්ත කුමරිය විසින් ලක්දිවට දන්ත දාතුන් වැඩම වා ගෙන පැමිණි ඓතිහාසික ලංකාපටුන පුරාවිද්‍යා භූමිය මේ වන විට එහි වැඩවසන භික්ෂූන් වහන්සේලා ගේම නොසැලකිල්ලෙන් විනාශ මුඛයට ඇද යමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙයට ආසන්නතම උදාහරණය වශයෙන් මෑතකදී ලංකා පටුන විහාරස්ථාන භූමියේ තිබී නිධන් හෑරීම සඳහා යොදා ගන්නා කැණීම් උපකරණ තොගයක් සේරුනුවර පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගැනීම සඳහන් කරන්න පුළුවන්.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වී සාක්ෂි තිබියදීත් අධිකරණයට පවා ඉදිරිපත් නොකර මේ සම්බන්ධයෙන් කිසිම විනයානුකූල කටයුත්තක් සිදු නොකිරීම මත තවත් අක්රමිකතාවයන් මෙම ස්ථානය තුළ වර්ධනය වෙමින් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා.
කන්තලේ සේරුනුවර පොලිස් ස්ථානයේ ස්ථාන භාර නිලධාරී තුමන් විසින් මේ පිළිබඳ නිවැරැදි තොරතුරු සහ සාක්ෂි අනාවරණය කරගෙන තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොවීම සහ අධිකරණ ක්‍රියාදාමයන් ප්‍රමාද වීම පිටුපස සිටින බළල් හස්තයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ප්‍රදේශවාසින් සැක කරන්නෙ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවා විල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති ලංකාපටුන ඓතිහාසික පුරාවිද්‍යා භූමිය සංඝ වෙස් ගෙන තිබෙන තවත් නිදන් හොරු කල්ලියකට යටවීමට ඉඩ නොදී රැක බලා ගැනීම අප කාගේත් වගකීමක් සහ යුතුකමක් වන බව පෙන්වා දීය යුතුයි.
පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම සඳහා වෙර දරන කාර්ය සාධක බලකාය හෝ පුරාවිද්‍යා පොලිසිය මගින් කඩිනමින් මේ සඳහා ක්‍රියාමාර්ග ගත යුතු අතර අප රටට ජාතියට හිමි පෞරාණික සම්පත් රැකගැනීම සඳහා සුදුසු සඟ පරපුරක් මෙම ස්ථානයන් වෙත යොමු කිරීම කඩිනමින් සිදුකළ යුතු බවත් පැරණි චෝදනා සහ ලබාගෙන ඇති සාක්ෂි සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ වෙනුවෙන් අපි ඇස් අරන් බලා සිටින බවක් පෙන්වා දීය යුතුයි.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය