ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන්, කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුලු 325 කට වැඩි පිරිසක් PCR පරීක්ෂණ සඳහා ඊයේ (30) යොමු කර තිබෙනවා.
ඊට අදාල ප්‍රතිඑල අද (31) දිනය තුල ලබාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ.
ඒ අනුව ඒවායේ ප්‍රතිඵල ලැබීමෙන් පසු ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබද අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ වෛරසය ආසාදනය වූ පුද්ගලයාගේ සමීපතමයින් සෙවීම සදහා සෞඛ්‍ය, ආරක්ෂක හා බුද්ධි අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි.
මෙම තත්වය මත ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නොමැති බවද ඔහු අවධාරණය කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්