වලයාකාර සූර්යක්ග්රහණයක් අර්ධ සූර්යක්ග්රහණයක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල සිටින ජනතාවට නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙම මස (21) වැනි ඉරිදා දින උදාවන බව නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.
මෙම සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාවේ යාපනයේ ඩෙල්ෆ් දුපත ආශ්‍රීත ප්‍රදේශයට (21) වන ඉරිදා දින උදෑසන 10.30ට පමණ දිස් වීමට නියමිතය.
එදින චන්ද්‍රයා මඟින් සූර්යයාගේ මුහුණත ආවරණය වීමේ උපරීම ප්‍රමාණය 24% වන අතර එය කයිට්ස්,කන්කසන්තුරෙයි,වැල්වැටිතුරෙයි හා පේදුරුතුඩුව ආශ්‍රීත ප්‍රදේශවලදී දිස්වන බව ක්ලාක් ආයතනය සඳහන් කරනවා.
මෙම සූර්යග්‍රහණය කොළඹ ප්‍රදේශයට උදෑසන 10.29ට පමණ දිස්වීමට නියමිත අතර උදෑසන 11.51 පමණ වන විට එහි උපරිමයට ළඟා වී දහවල් 1.29ට පමණ අවසන්.
එසේම කොළඹ සිට සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන විට උපරිම වශයෙන් සූර්යයාගේ මුහුණතෙහි 16.5% ක ප්‍රමාණයක් චන්ද්‍රයා මඟින් ආවරණය වන බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම සූර්යග්‍රහණය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වූවත් මෙය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස අප්‍රිකානු මහද්වීපයෙන් ආරම්භ වන අතර එහි වලාකාර තත්ත්වය මෙන්ම අර්ධ සූර්යග්‍රහණ තත්ත්වය කොන්ගෝ රාජ්‍ය ආදී අප්‍රිකා රටවල් කිහිපයකටත් සෞදි අරාබිය,යේමනය හා ඕමානය ආදී මැදපෙරදිග රටවල් කිහිපයකටත් පාකිස්ථානය,ඉන්දියාව,චීනය ආදී රටවල්වලටත් දැකබලා ගත හැකිය.
එසේම ශ්‍රී ලංකාව ඇතුලු ඉතාලිය,තුර්කිය,ජපානය,කොරියාව,සිංගපුරුව,මැලේසියාව හා ඔස්ට්‍රේලියාව ආදී රටවල් සඳහා මෙහි අර්ධ සූර්යග්‍රහණ තත්ත්වය පමණක් දිස්වන බව ද ක්ලාක් ආයතනය පවසනවා.
මෙම අර්ධ සූර්යග්‍රහණය කිසිසෙත්ම පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර සූර්යග්‍රහණ නිරීක්ෂණය කරන විශේෂිත කණ්නාඩියකින් හෝ නොම්බර 14 වෑල්ඩින් වීදුරුවකින් නිරීක්ෂණය කිරීම ආරාක්ෂා සහිතය.
ආරක්ෂිත සූර්ය ආවරණයක් නොමැතිව දුරදක්නයකින් හෝ ප්රිස්මදෙනේතකින් කිසිසෙත්ම සූර්යග්‍රහණය නිරීක්ෂණය නොකරන්නැයි ක්ලාක් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්