ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමගාමීව ජපානයේ ටෝකියෝහිදීම පැවති ‘බේස්බෝල් 5’ විශේෂ වැඩසටහන සඳහා සුජීව විජයනායකව උපදේශකවරයෙකු ලෙසින් තෝරා ගෙන තිබේ.
‘බේස්බෝල් 5’ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් සහ දකුණු ආසියානු කලාපයේ මෙම ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් ලෝක බේස්බෝල් සංගමය විසින් සුජීව මෙම තනතුරට පත්කර තිබේ. ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී ඉතිහාසයේ ප්‍රථම ආසියානු ‘බේස්බෝල් 5’ තරගාවලිය මැලේසියාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද කොවිඩ් අවදානම මත එම තරගාවලිය අවලංගු විය. එවකදී සුජීව එම තරගාවලිය සඳහා විනිසුරුවරයෙකු ලෙසින් සහභාගි වීමට සූදානම්ව සිටියේය.
ලබන වසරේ සෙනෙගාල්හි සාලේ හිදී පැවැත්වීමට නියමිත 2022 යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ද මෙම නව ක්‍රීඩාව තෝරාගෙන ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමටද සුජීව අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාවට බෙහෙවින් සමාන මෙම ක්‍රීඩාව සඳහා රබර් පන්දුවක් යොදා ගන්නා අතර පන්දු යොමුකරන්නෙකු මේ සඳහා ක්‍රීඩා නොකරයි. මිනිත්තු 15-20 අතර කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම තරගයේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 5 දෙනෙකු ඇතුළත් වන අතර එක් කණ්ඩායමකට ඉනිම් 5ක් දක්වා හිමිවේ.
මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැවති බේස්බෝල් තරග සඳහා ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුවක් යොදා ගැනීම සඳහා ද මොහු මූලිකත්වය ගෙන තිබේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්