නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා තිබූ තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් යළි එරටට යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසනවා.
ඔහු සදහන් කලේ කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 03 ක් මගින් එම අපද්‍රව්‍ය බහාලුම් යැවූ බවයි.
පසුගිය වසරේ අපද්‍රව්‍ය බහාලුම් 242 ක් එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත සහ මේ පිළිබඳව රේගුව විසින් පවත්වනු ලබන විධිමත් රේගු පරීක්ෂණයකින් පසු මෙම අපද්‍රව්‍ය බහාලුරෑම් ආපසු එංගලන්තය වෙත යැවීමටයි නියෝග කලේ.
ඒ අනුව කොළඹ වරායේ ගුදමක ගබඩා කර තිබූ මෙම අපද්‍රව්‍ය බහාලුරෑම් 112 අතරින්, මෙසේ එම බහාලුම් 82 ක් අද දින අලුයම ආපසු එංගලන්තය බලා ප්‍රති නැව් ගත කර තිබේනවා.
තවත් මෙම බහාලුම් 10 ක් අද රාත්‍රීයේත් පිටත් කර හැරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙලෙස ඉකුත් 30 දින ද කොළඹ වරායේ තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20 ක් එංගලන්තය වෙත ප්‍රති නැව් ගත කර තිබූ අතර, තවත් මෙවැනි අපද්‍රව්‍ය බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක ගබඩා කර තිබේනවා.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්