ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය අර්බුදය විසඳීමට ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමඟ සත්කාරකත්වයේ වගකීම ලබාගැනීමට ඔවුන් එකඟ වී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.
නමුත් එම සාකච්ඡා සඳහා චීනයේ සහාභාගීත්වය පිළිබඳව අපැහැදිළි බව වාර්තා වේ. භාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු ණයවලින් පහෙන් එකක් ම චීනය සතුය.
එහි වටිනාකම ඩොලර් බිලියන 3.5 කි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි