ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන මොයින් අලී කොවිඩ් 19 ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙනවා. මේ අනුව ඔහුට පළමු ටෙස්ට් තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි වේ.
ඊයේ එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර මේ වනවිට ඔවුන් හම්බන්තොට රැඳී සිටිනවා. එහිදී සිදුකළ පරීක්ෂණයකින් මොයින් අලීට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඔහුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් දින දහයක් හුදෙකලාව ගත කිරීමට සිදුව තිබෙනවා. මේ අතර ක්‍රිස් වෝක්ස්ටද ස්වයං නිරෝධායනය වීමට සිදුව තිබෙන්නේ මොයින් අලි සමග සමීපව කටයුතු කිරීම හේතුවෙනි.
එංගලන්ත කණ්ඩායම හෙට පෙරවරුවේ තවත් PCR පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට නියමිත අතර ඉන් අනතුරුව හෙට පස්වරුවේදී පුහුණු කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව හිමි වේ.
දෙරට අතර ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ජනවාරි 14 වැනිදා ආරම්භ වේ. එංගලන්ත කණ්ඩායම ගාල්ලට පැමිණීමට නියමිතව තිබෙන්නේ ජනවාර් 10 වැනිදායි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ