රට තුළ ඇති ව තිබෙන ඇමරිකානු ඩොලර් හිගය නිසා ලෝක මල්ලව පොර ශූරතාවලියට සහභාගිවීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ ගාස්තු ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවට වාර්තා වනවා.
ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය මුදල් මේ වන විටත් ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ ගිණුමට බැර වී තිබේන නමුත් එය ඇමරිකානු ඩොලර් ලෙසින් තරග සංවිධායකයන් ගිණුමට යොමු කළ යුතුව ඇතත් මෙරට අදාල බැංකුව දන්වා ඇත්තේ ඔක්තෝම්බර් පළවෙනිදා වන තෙක් එය ඉටු කිරීමේ අපහසුතා පැන නැගී ඇති බවයි.
ඊට හේතු වී ඇත්තේ දැනට රට තුළ පවතින විදේශ විනිමය හිගතාවයයි.
ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් පන්දහස් පන්සීයක් ලෝක සම්මේලනයට ගෙවිය යුතුව ඇති අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 12ක් පමණ වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළඟා වීමට පෙර මේ මුදල ඔවුන් වෙත යොමු කළ යුතු අතර එසේ කළ නොහැකි වුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට සහභාගි වීමේ දී ගැටලු පැන නැගිය හැකි බව ශ‍්‍රි ලංකා මල්ලව පොර සම්මේලනය සඳහන් කරයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි