ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු එංගලන්ත සංචාරය අතුරතුර ජෛව ආරක්ෂ බුබළ ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා දැඩි කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා. සියලු පහසුකම් ලබා දී තිබියදී, සියලු ආරක්ෂාව ලබා දී තිබියදී මෙලෙස හිතුවක්කාරී අන්දමින් කටයුතු කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.
දෙරණ රූපවාහිනී නාලිකාවේ Big Focus වැඩසටහන සහභාගි වෙමින් අර්ජුන ද සිල්වා මහතා මේ බව පවසා තිබෙනවා.
ඉන්දීය ක්‍රීඩකයන්ට පවා කොවිඩ් මර්දන එන්නත් ලබා දී නොමැති තත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එන්නත් ලබාදීමට කටයුතු කළ බවත්, එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් වෙනුවෙන් රුපියල් මිලියන 69 ක් වැය කර වෙනම ගුවන් යානයක් පවා වෙන් කරගෙන තිබූ බවත් අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරනවා. එංගලන්තයේදී ඔවුන් සිටි ජෛව ආරක්ෂක බුබුළ තුළ ඇවිදින මංතීරු පවා තිබියදී ක්‍රීඩකයන් එම සීමාවද උල්ලංඝනය කරමින් කටයුතු කරන ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
ක්‍රීඩකයන්ගේ අවිධිමත් හැසිරීම් හේතුවෙන් එංගලන්ත බළධාරීන්ට මුහුණදිය හැකි තත්වයක් උද්ගතව ඇති බවත්, මෙම සිදුවීමට සම්බන්ධ ක්‍රීඩකයන් දෙදෙනා හැකි ඉක්මනින් ලංකාවට එවීමට ඔවුන්ටද අවශ්‍ය වී තිබූ බවත් මහාචාර්යවරයා පවසනවා.
ශ්‍රී ලංකාව තුළ ජෛව ආරක්ෂක බුබුළ සඳහා යුද හමුදා කමාන්ඩෝ භටයන්ගේ ආරක්ෂාව ලබා දී තිබූ බවත්, යම් ක්‍රීඩකයෙකු ජෛව ආරක්ෂක බුබුළ උල්ලංඝනය කරන්නේ නම් වෙඩි තබා හෝ ඔවුන් වළක්වන ලෙසට උපදෙස් ලබා දී තිබූ බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා පවසන්නේ එංගලන්තයේදී ක්‍රීඩකයන්ට ඊට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි. කෙසේ නමුත් ලබාදුන් එම නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ක්‍රීඩකයන් ක්‍රියා කර ඇති බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
- Lanka News Web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්