මෙරට තුළ සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්ගේ සේවා තත්ත්වයන් සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන වැඩසහටනක් වහාම ක‍්‍රියාත්මක කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ද ලබා දී ඇති බව සඳහන්.
අමාත්‍යාංශයේ මාසික ප‍්‍රගති සමාලෝචන සහ ඉදිරි වැඩ සටහන් සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ වන විට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක‍්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත් දේශීය වශයෙන් ගෘහ සේවයේ යෙදෙන ශ‍්‍රමිකයින් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිශ්චිත ක‍්‍රමවේදයක් නොමැති බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ‍්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්