ශ්‍රී ලංකාවේ ඔමික්‍රොන් වෛරසය පැතිර යන වේගය බටහිර හා දකුණු අප්‍රිකාවේ තත්ත්වයට සමාන වේගයක් පෙන්නුම් කරණ බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මේ වන විටත් ශ්‍රී ලංකාව ඔමික්‍රොන් ආසාදන රැල්ලක් අබියස සිටින බවයි.
කෝවිඩ් වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් මෙරට සිදුකරන අනුක්‍රමික පරීක්ෂන සංඛ්‍යාව සීමිතව පවතිද්දීත් ආසාදිතයින් 47 දෙනකෙකු හඳුනා ගැනීම බරපතළ තත්ත්වයක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
මේ අතර, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඔමික්‍රෝන් වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවයි
එහිදී තවදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්යය විය යුතු අතර නිවැරදි සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව පිළි පැදිය යුතු බවයි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්