කොවිඩ් අර්බුදයෙන් වාහන ආනයනය නතර කෙරුණු මෙරට තුළ මේ වන විට විවිධ ගැටළු හේතුවෙන් වාහන ආනයනය වසර ගණනාවකට නැවතී තිබේ.
එය එසේ තිබියදී මේ මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබේ.
ඊට හේතුව ඩොලර් හිගය සහ වැට් බදු වැඩිවීම බව වාහන අලෙවිකරුවන් පවසයි.
පසුගිය දින වාහනවල ටයර් මිල 50%කින් ඉහළ යාමත් සමග වාහන මිල ද කුඩා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර, වාහන අලෙවි කරන වෙබ් අඩවි හරහා එය හොදින් දැකගත හැකි වේ.
වාහනයක් පළමුවරට මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ජනතාව පවසන්නේ රට තුළ මේ වන විට දැඩි ඉන්ධන අර්බුදයක් ඇති නමුත්, ඉන්ධන ක්‍රියාකාරිත්වයෙන් ධාවනය වන වාහනවල මිල අඩුවක් දක්නට නොමැති බවයි.
උදාහරණයක් ලෙස මේ වන විට සුසිකි ඇල්ටෝ ඉන්දියන් මෝටර් රථයක මිල ලක්ෂ 40කට ආසන්න වේ.
පහතින් දැක්වෙන්නේ මෙරට තුළ මේ වන විට ප්‍රචලිත වාහන කිහිපයක වර්තමාන මිල ගණන්…..
ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 90 ඉක්මවයි
ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක් කෝටි හැටලක්ෂය ඉක්මවයි
ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 70 ඉක්මවයි
හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 90 ඉක්මවයි
හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 80 ඉක්මවයි
හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 88 ඉක්මවයි
නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – කෝටි එකහමාර ඉක්මවයි
සුසුකි – වැගන් ආර් – 2017 – ලක්ෂ 60 ඉක්මවයි
සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 35 ඉක්මවයි
සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 55 ඉක්මවයි
මයික්‍රෝ – පැන්ඩා – 2016 – ලක්ෂ 29 ඉක්මවයි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්