ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින් ලක්ෂ දෙකහමාරක් හෝ තුනක් වැනි සංඛ්‍යාවකට සයිනොෆාම් එන්නත ලබාදුන් බව වත්මන් රජය වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල සිවිල් ක්‍රියාකාරිකයකු වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.
කෙසේවෙතත් නිල සංඛ්‍යාලේඛන අනුව නම් සයිනොෆාම් එන්නත ලබාදී තිබුණේ මෙරට සිටින චීන ජාතිකයින් 2500කට ආසන්න සංඛ්‍යාවකටය. තමන්ට හරියටම මතක නැති බවක් ඔහු පවසන්නේ 250,000 – 300,00 අතර සංඛ්‍යාවක් ගැනය.
අජිත් ප්‍රසන්න යනු කට නිසා නහින්නෙකු බව ප්‍රකට කරුණක් වනවා මෙන්ම එය ඔහු විසින්ම පසුගිය වසරේදී ඔප්පු කළේය. ඒ, නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් වන පරිදි මාධ්‍ය හමුවක් පවත්වා තර්ජනය කිරීම හේතුවෙන් මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමෙනි.
එයින් පසුව ඔහු දැන් යළිත් එළිබැස සිටින්නේ චීන ජාතිකයින් දෙලක්ෂ පනස් දහසකට මෙරදී සයිනොෆාම් එන්නත් දුන් බව පවසමිනි. ඔහු එය පවසන්නේ විපක්ෂයට පහර ගසමින් ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් පවත්වන මාධ්‍ය හමුවකදීය.
අපි දන්නේ අජිත් ප්‍රසන්න යනු වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙහිලා දැඩිලෙස වෙහෙස මහන්සි වෙමින් කටයුතු කළ “රණවිරු” “නීතීඥ” පට්ටම්ධාරී, පොහොට්ටු පාක්ෂිකයින්ට අනුව උගත්, බුද්ධිමත් ප්‍රබල ක්රියාකාරිකයෙකුය යන්න පමණි.
- Lanka News Web
More Stories
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්