අද වන විට ශ්‍රී ලංකාවේ ඇත්ත මූල්‍ය බංකොලොත් තත්ත්වයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට සමාගම් විසින් තෙල් සැපයීම අදිමදි කරමින් සිටින බවද ඔහු පැවසීය.
මේ වන විට ඩොලර් මිලියන 2600ක මුදලක් ඉන්ධන සදහා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු බව කෝප් කමිටුවේදී හෙළි වූ බවද ඒ මහතා කීය.
දැනට මෙරට ඇති ඩොලර් බිලියන 4ක සංචිතයෙන් ඉන්ධන බිල ගෙවා දැමුවොත් මේ රට බංකොලොත් වන බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට තෙල් සඳහා වන මුදල් පියවීම සඳහා අවුරුද්දක කාලයක් රජය විසින් ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
- lanka c news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති