ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලබන 14 වනදා අරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබෙනවා.
ක්‍රේග් බ්රාත්වේට්ගේ නායකත්වයෙන් සමන්විත මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
දෙසැම්බර් 03 වනදා දක්වා පැවැත්වෙන තරගාවලියට ටෙස්ට් තරග 02 ක් ඇතුළත්.
නොවැම්බර් 14 වනදා සිට 17 වනදා දක්වා සිව්දින පුහුණු තරගයක් පැවැත්වෙන අතර තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 21 සිට 25 දක්වාත් දෙවන තරගය නොවැම්බර් 29 සිට දෙසැම්බර් 03 දක්වාත් පැවැත්වීමට නියමිතයි.
තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි