චමරි අතපත්තු නායකත්වය දරණ ශ්‍රී ලංකාව එක්දින කණ්ඩායම 2025 කාන්තා ලෝක කුසලානයට පිවිසිම,පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියෙන් ආරම්භ කරයි.තරගාවලිය හෙට ජුනි 01 දා ආරම්භ වනු ඇත.
ශ්‍රී ලංකාව පසුගියදා නවසීලන්තයේ පැවැති ලෝක කුසලානය තරගාවලියට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ අතර එහිදී ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කළේය.
පකිස්තානයේ පැවැත්වෙන මෙම තරග තුනකින් සමන්විත තරගාවලිය 2022-2025 කාන්තා ශූරතාවලියේ ආරම්භය සනිටුහන් කරයි. මෙයට කණ්ඩායම් 10ක් ඇතුළත් වන අතර ඔවුන් ඉදිරි වසර තුන තුළ දේශීය හා විදේශීය තරගාවලින් 4ක් බැගින් ක්‍රිඩා කරනු ඇත.
අවසානයේදී, පළමු කණ්ඩායම් පහ 2025 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන අතර ඉතිරි අය ඉතිරි ස්ථාන දෙක සඳහා තරඟ කරනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්