මෙරට සතු භාවිතයට ගතහැකි විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300 දක්වා පහත වැටී ඇති බව, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ.විජේවර්ධන මහතා පවසනවා.
කෙසේ වෙතත්, මහ බැංකුව සඳහන් කරන්නේ මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 2300 ක විදේශ සංචිතයක් පවතින බවයි.
මහ බැංකුව එසේ ප‍්‍රකාශ කරන්නේ චීනයෙන් ලබාගෙන ඇති යුආන් මූල්‍ය පහසුකමත්, රන් සන්චිතයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ඇති එස්.ඩී.ආර් සංචිතයේ වටිනාකමත් එකතු කිරීමෙන් බවයි හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයාගේ අදහස වන්නේ.
ඒවා භාවිතයට ගත හැකි විදේශ සංචිත ලෙස නොසැලකෙන අතර ඒ සියල්ල ඉවත් කිරීමෙන් පසු – භාවිතයට ගත හැකි විදේශ සංචිත ලෙස ඉතිරිවන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ප‍්‍රමාණයක් බවයි හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්