ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු පුහුණු තරගය බංග්ලාදේශය සමගින් අද (12 වැනිදා) රාත්‍රී 7.30 ට අබුඩාබි ටොලෙරන්ස් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
අද පැවැත්වෙන පුහුණු තරගයට ප්‍රථම මෙම කණ්ඩායම් දෙකම ඕමානය සමගින් පුහුණු විස්සයි විස්ස තරග සඳහා සහභාගි විය. එහිදී ශ්‍රී ලංකාව 2-0කින් සහ බංග්ලාදේශය 1-0කින් එම තරගාවලි ජයගනු ලැබීය.
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ එකලොස් වරක් (11) මෙම කණ්ඩායම් එකිනෙකා මුණගැසී ඇති අතර එහිදී ශ්‍රී ලංකාව තරග 07කුත්, බංග්ලාදේශය තරග 04කුත් ජයගෙන ඇත.
ඕමානය සමග පැවැති තරග දෙකම ජයගැනීම මත ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය සඳහා සාර්ථකව සහභාගි වීමේ අවස්ථාව පවතී. ඩුබායිහි පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටීම හේතුවෙන් ඕමානය සමග පැවැති තරගාවලියට එක් නොවූ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරද ඊයේ (11 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව ඇත.
වනිඳු අයි.පී.එල්. තරගාවලියේ තරග දෙකක් ක්‍රීඩා කළ අතර දුෂ්මන්තට එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොවීය.
මෙම තරගයේදී මුල් වරට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීමට නියමිත බැව්ද වාර්තා වේ.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමග පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ජය ගනිමින් බංග්ලාදේශය ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වනු ඇත. බංග්ලාදේශයද ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන අතර ඔවුන් ඕමානය, පැපුවානිව්ගිනියාව සහ ස්කොට්ලන්තය සමගින් තරග වැදීම නියමිතය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්