දේශීය තරග පිටියේ නියැළෙන ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් ලෝලීන්ටත් නැවුම් අත්දැකීමක් ලබා
දෙමින් පැවැත්වෙන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් යොදා ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය නිවේදනයක් එළි දක්වමින් දන්වා සිටියා.
කණ්ඩායම් 5ක් තරග වදින මෙ තරගාවලියේ සෑම කණ්ඩායමක් සදහාම විදේශීය ක්‍රිඩකයින් 6 දෙනෙකු ඇතුලත් කෙරේ.එම ක්‍රිඩකයින් 30 දෙනා තෝරා ගැනිම සදහා වන වෙන්දෙසිය ඔක්තෝබර් මස 01 වෙනිදා අන්තර්ජාලය හරහා පැවැත්වේ.ක්‍රිඩකයින් 150 දෙනෙක් පමණ මෙ වෙන්දෙසියට සුදුසුකම් ලබා තිබේ.
*චානක අරවින්ද
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි