යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීමට එරෙහිව විදුලි සේවකයන් හෙට (03 වැනිදා) දිනයේ සිදු කරන උද්ඝෝෂණයට සමගාමීව වරාය සහ තෙල් සංස්ථා සේවකයන්ද පාරට බසින බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම් කරු රන්ජන් ජයලාල් පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. විදුලි ඉංජිනේරුවරුන්ද ඇතුළුව දිවයින පුරා සිටින විදුලි සේවකයන් හෙට දහවල් දොළහට කොළඹ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බව ඔහු පැවැසුවේය. එමෙන්ම ඛණිජ තෙල් සේවකයන් සපුගස්කන්ද සහ කොළොන්නාවේ ස්ථාන හතරකදීත් වරාය සේවකයන් වරාය අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීත් හෙට දහවල් දොළහට උද්ඝෝෂණයක් පවත්වන බවද රන්ජන් ජයලාල් මහතා පැවැසුවේය.
කොළඹදී සිදු කරන මෙම උද්ඝෝෂණයෙන් පසුව වැඩ වර්ජනය ආරම්භ කරන දිනය තීරණය කරන බවද හෙතෙම පැවැසුවේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති