රුපියල් ලක්‍ෂ 50 කට අධික වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 15,251 ක් ශ‍්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය අද සිය බාරයට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.
රේගුවේ නිවාරණ නිලධාරි සේනක ඇරැව්පොල මහතාට ලැබුණු තොරතුරක් මත නිවාරණ අංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඉන්දියාවේ සිට ආනයනය කළ බහාලූමක් පරීක්‍ෂා කිරීමේදී මෙම කහ තොගය සොයාගත් බවත් මෙහි කපුරු කිලෝ 16,000 ක් අඩංගු පෙට්ටි 507 ක් ඇතැයි රේගුවට දැනුම් දී තිබූ බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
මෙම වියළි කහ තොගය පෙට්ටි 504 ක් තුළ සූක්‍ෂම ලෙස අසුරා තිබූ බවත් කහ තොගය රේගුවෙන් නිදහස් කරගත්තේ නම් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික බදු අහිමිවන බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ රේගු නිවාරණ අංශයේ විමර්ශන ඒකකය මෙම කහ තොගය පිළිබ`දව වැඩි දුර විමර්ශන කර කහ තොගය රාජසන්තක කර, ආනයනකරුට දඩ පැනවීමට නියමිත බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ