ලතින් ඇමරිකානු රටවල සංචාරයේදී චීනය පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රතිචාර

ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Antonio Rubio ලතින් ඇමරිකානු රටවල සිදු කළ සංචාරයේදී චීනයට අදාළව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය අදහස් පළ කරයි. 

ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Antonio Rubio පෙබරවාරි 1වනදා සිට 6වනදා දක්වා, පැනමාව, එල් සැල්වදෝරය, කොස්ටරිකාව, ග්වාතමාලාව සහ ඩොමිනිකන් ජනරජය යන රටවල සිදු කළ සංචාරය තුළදී, චීන-ලතින් ඇමරිකානු සහයෝගීතාව, පැනමා ඇළ, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීම, 5G සහ සයිබර් ආරක්ෂාව වැනි කරුණු සම්බන්ධයෙන් චීනය පිළිබඳ ඍණාත්මක ප්‍රකාශ සිදු කර ඇත. අද(7) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

ඇමරිකා පාර්ශ්වය සිදු කළ අසත්‍ය ප්‍රකාශ, සීතල යුද මානසිකත්වයෙන් සහ මතවාදී අගතියෙන් පිරී ඇතැයි ඔහු පැවසීය. ඇමරිකාව චීනයට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති අතර, චීනය සහ ලතින් ඇමරිකානු රටවල් අතර සම්බන්ධතාවය විනාශ කිරීමට උත්සාහ කරමින් සිටී. චීනය ඇමරිකාවට මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැඩි විරෝධතාව පළ කර තිබෙන බව ද  ඔහු පැවසීය.

ලතින් ඇමරිකානු රටවල් සමග මිත්‍රශීලී සහ සහයෝගී සබඳතා වර්ධනය කිරීමේදී චීනය සෑමවිටම අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, විවෘතභාවය සහ පොදු ජයග්‍රහණය යන මූලධර්මවලට අනුගත වී ඇත.

චීනය සහ ලතින් ඇමරිකාව අතර සාමාන්‍ය හුවමාරු සහ සහයෝගීතාවයන්ට ඇමරිකාව මැදිහත්වීම ජනතා අපේක්ෂා අහිමි කරන ක්‍රියාවක් වන අතර අවසානයේ එය නිෂ්ඵල වනු ඇත. චීනය සිය ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කරනු ඇතැයි ද ඔහු අවධාරණය කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com