එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ලන්ඩන් කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති, එම්.බී.ඊ නාමධාරී, රාජකීය පණ්ඩිත ගලයායේ පියදස්ස්‍යාභිධාන නායක ස්වාමීන් වහන්සේ පසුගිය 19වන දින ශිෂ්‍ය දායකකාරාධීන් ඉදිරියේ සිහි නුවණින් යුතුව අපවත් වූහ. ශ්‍රී ලංකාවේ බිංගිරිය හල්මිල්ලවැව ශ්‍රී සුදර්ශනාරාමය හා පඩුවස්නුවර හිගුරේගම ශ්‍රී පුෂ්පාරාමය යන විහාරයන්හි අධිපති මෙන්ම පඩුවස්නුවර මුදිත ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නිර්මාතෘ වන්නේද උන් වහන්සේයි. ශ්‍රී ලාංකික අනන්‍යතාව රැක ගනිමින් සංස්කෘතිකාංග රැසක් ප්‍රථමවරට යුරෝපයට හදුන්වාදෙමින් 1984 වසරේ සිට අතිශය ප්‍රශංසනීයවූ ධර්මදූත සේවයේ නිරත උන් වහන්සේ අපවත් වන විට 76 වන වියේ පසුවිය. දේහය පිලිබද අවසන් කටයුතු එංගලන්තය තුල සිදුකිරීමට නියමිත අතර ඒ පිලිබද තොරතුරු ඉදිරියේදී දැනුදෙනු ලැබේ.
ලන්ඩන් කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති,රාජකීය පණ්ඩිත ගලයායේ පියදස්ස්‍යාභිධාන නායක ස්වාමීන් වහන්සේ පසුගිය 19වන සිහි නුවණින් යුතුව අපවත් වූහ.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව