එංගලන්තයේ රෝස කුසුම ලෙසින් ආදරයට පාත්‍ර වූ වේල්සයේ කුමරිය ඩයනාගේ පිළිරුවක් පසුගියදා ලන්ඩන් නුවරදී විවෘත කෙරුණි.
එය විවෘත කිරීම සඳහා එක්ව සිටියේ ඇයගේ දරුවන් වන විලියම් සහ හැරී කුමාරු යන දෙදෙනායි.
ජනතාවගේ කුමරිය ලෙසින් ද විරුදාවලිය ලැබූ ඩයනා කුමරියගේ 60වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් එය ඉදිකර තිබුණි.
ඒ කෙන්සින්ටන් මන්දිරයේ සන්කෙන් උද්‍යානයේදී මෙම ලෝකඩ පැහැ පිළිරුව විවෘත කෙරුණි.
ඩයනා කුමරිය සහ ඇය වටකර සිටින දරුවන් තිදෙනෙකුගෙන් එම පිළිරුව නිමවා තිබූ අතර එය නම් කර තිබුණේ ‘ද යුනිවර්සලිටි ඇන්ඩ් ජෙනෙරේෂනල් ඉම්පැක්ට්’ (the universality and generational impact) නමිනි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ කුමරියගේ ජනතා සේවය මේ මගින් පිළිබිඹු වූ බවය.
රාජකීයත්වය අත්හැර සාමාන්‍ය ජීවිතය අගය කළ ඩයනා කුමරිය 1997 වසරේදී මියගියේ ප්‍රංශයේ පැරිස් නුවර උමං මගක සිදුවූ රිය අනතුරකිනි.
ඒ වනවිට ඇය 36 හැවිරිදි වියේ පසුවූවාය.
ඩයනා කුමරියගේ හදිසි මරණ ගැන රාජකීය පවුලට පවා චෝදනා එල්ලවූ අතර අදටත් එය අභිරහසක් බව ඇතැමුන් විශ්වාස කරයි.
More Stories
චීනය හා ඇමරිකාව එකිනෙකාට ගැලපෙන නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතුයි- චීන විදේශ ඇමති
චීනය හා ආසියාන් සංගමය ආසියා ශාන්තිකර කලාපයේ කේන්ද්‍රීය ශක්තියක් බව චීනය පවසයි
විදේශ ආයෝජන ස්ථාවර කිරීමේ 2025 වසරේ ක්‍රියාකාරී සැලැස්ම ”නිකුත් කෙරේ