රජය සතු විදේශ සංචිත පහළ යෑම නිසා ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම නතර වීම මෙන්ම පොහොර ප්රශ්නය ලබන වසරේ ආහාර අර්බුදයක් නිර්මාණය වීමට හේතුවක් වනු ඇතැයි ද මේ සියළු ප්‍රශ්නවලට රජය ඉක්මණින් විසඳුම් සෙවිය යුතු යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.
සංඛ්‍යා ලේඛන විජ්ජා පෙන්වමින් රට මුලා නොකර පවතින සැබෑ ආර්ථික අර්බුදය හෙළිකරමින් ඊට මුහුණ දීමෙි සැලසුම් ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් ද නොකී බැවින් මුදල් ඇමති ලෙස අගමැතිවරයා හෝ මේ ගැන ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි විජයවර්ධන මහතා සඳහන් කරයි.
“ආණ්ඩුවේ සැලසුමක් නොමැති ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් දිනෙන් දිනම ජීවන බර ඉහළ යමින් ජනතාව පීඩාවට පත්ව සිටියි. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් ගේ මිල පාලනය කිරීමට යැයි කියමින් ආණ්ඩුව ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කළ ද ඒවා අර්ථ විරහිත කරමින් භාණ්ඩ මිල වෙළෙඳ පොළ තුළ ඉහළ ගොස් තිබේ.
කොවිඩ් වසංගතය හමුවේ ජනතාව ආර්ථික වශයෙන් මිරිකෙමින් සිටිය දී ආණ්ඩුව ඒ කිසිවක් තඹයකට මායිම් නොකර භාණ්ඩ මිල සුළඟේ පාව යාමට ඉඩදී අහක බලාගෙන සිටීම අප තරයේ හෙළා දකිමු” යනුවෙන් ද විජයවර්ධන මහතා සදහන් කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්