අපේ‍්‍රල් මස 13, 14 සහ 15 යන තෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සෑම දිනකදීම කාණ්ඩවලට බෙදා කලාප වශයෙන් විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම මගින් විදුලි බල මණ්ඩලයට අවසර හිමිවුණා.
ඒ අනුව හෙට දිනයේ පැය දෙකක් සහ ඉරිදා දිනයේ පැයක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
මහජන උපයෝගීතා කොමිසමේ අවසරය යටතේ හෙට පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.
ඉරිදා දිනයේ පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
මේ අතර එම දින දෙකේදී CC1 කලාපය සඳහා උදෑසන 6 සිට උදෑසන 09.30 දක්වා පැය 3යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදුව සදහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්