ජුලි 06 වන සඳුදා සිට 05 – 11 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල්වල අධ්‍යයන කටයුත ආරම්භවීමත් සමග සියලු ගුරුවරුන් පස්වරු 3.30 තෙක් පාසලේ රැදී සිටිම අත්‍යවශ්‍ය නොවන බවත්, කාලසටහන අනුව නියමිත කාලච්ඡේද සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වෙනවා.
මේ අතර ජූලි 06 වැනිදා සිට ලංකාවේ සියලු පාසල් දරුවන් සදහා විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් හා කළාප ප්‍රධානින් මෙන්ම පාසල් ප්‍රධානීන්ටද දැනුම් දී තිබෙනවා.
පාසල තුල ගිලන් කාමර, දෑත් සෙදීමේ පහසුකම් ඇතුලු මූලික පහසුකම් ලබා දීම කෙරෛහි පූර්ණ අවධානය යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම කිසියම් දරුවෙකු උණ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන් පාසල් එවිමෙන් වළකින ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙමාපියන්වද දැනුවත් කරනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව