ලබන මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ ග්‍රාම නිලධාරීවරුන් සිය විවේක දිනය හැර දින 6 ක් පැය 24 ම ආවරණය වන පරිදි තම කොට්ඨාසය තුළ රාජකාරී කිරීමට බැදී සිටින බවයි.
එමෙන්ම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සහ සෙනසුරාදා දිනයේ මධ්‍යහ්න 12 දක්වා මහජන සේවය වෙනුවෙන් සිය කාර්යාවල රැදදීසිටිය යුතු බවද එහි දැක්වෙනවා.
සඳුදා දිනයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අවශ්‍යතා අනුව කටයුතු කළ යුතුයි.
ඉතිරි දින තුනෙන් එක් දිනයක් විවේක දිනය ලෙස යොදා ගත යුතු බවත් ඉතිරි දින දෙක ක්ෂේත්‍ර රාජකාරී සඳහා යොදා ගත යුතු බවත් ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් නිකුත් කර අති එම චක්‍රලේඛයේ දැක්වෙනවා.
මෙම විධිවිධානයන් ඔක්තොබර් මස පළමු වනදා සිට ක්‍රියාත්මකයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්