ලබන 21 වනදා සිට සංචාරකයින්ට රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බව සංචාරක අමාත්‍යංශය නිවේදනය කරනවා.
ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද පැවති සාකච්ඡාවකදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයින්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සදහා ගතයුතු සියලු පියවරයන් ගෙන ඇති බවයි.
පසුගිය දෙසැම්බර් මස 26 වෙනිදා ආරම්භ කෙරුණූ නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයින් 1500කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමත් සමග ඒ හරහා ලැබුණු ආදායම රුපියල් මිලියන 420 ක්.
මෙම ව්‍යාපෘතියේදී හදුනාගත් සියලු අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයින් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්