කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමග පූර්ව අනුමැතිය මත විදේශයන්ගෙන් පුද්ගලයන් ගෙන්වීමේ ක්‍රමවේදය යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ලබන 26 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වූ නව ක්‍රමය ඒ අනුව කල් දමා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.
දැනට පවතින විදේශ අමාත්‍යංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය මත පමණක් විදේශයන්ගෙන් පුද්ගලයන් ගෙන්වා ගැනීම මේ අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.
පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් පසු සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කරන බවද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්