කොදෙව් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (23) අළුයම දිවයිනේ පිටත් වීමට නියමිතයි.
ලහිරු කුමාරට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සුරංග ලක්මාල් කොදෙව් සංචාරයට සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
මෙම කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට ලබා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා.
මෙම සංචිතයෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ භානුක රාජපක්ෂ ආබාධවලට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු,කුසල්
මෙන්ඩිස්, කසුන් රාජිත සහ ඉසුරු උදාන ඉවත් කිරීමටයි පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ පැතුම් නිශ්ශංක,කමිඳු මෙන්ඩිස්,අෂේන් බණ්ඩාර සහ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුශංක කැඳවා තිබීම විශේෂත්වයක්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි