ශ්‍රී ලාංකිකයින් ගොඩබැසීමේ පත්‍රිකාව (ARRIVAL CARD) තවදුරටත් පිරවිය යුතු නොමැති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් පමණක් පිරවිය යුතුව තිබූ ගොඩබැසීමේ කාඩ්පත (ARRIVAL CARD) කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භයත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන් ද පිරවීම අනිවාර්ය කළා.
කෙසේ වෙතත් එම කාඩ්පත පිරවීම පසුගිය 14 වනදා සිට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නොමැති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්