ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අංගමාලි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන්ව තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අපරාධ රැසකට ද සම්බන්ධ පුද්ගලයින් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම එම ශ්‍රී ලාංකිකයින් ව්‍යාජ හැඳුනුම්පත් යොදා ගනිමින් ඉන්දියාවේ අංගමාලි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවද අනාවරණය වී තිබේ.
තමිල්නාඩු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති එම ශ්‍රී ලාංකිකයින් තිදෙනා මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ