මේ වන විට එංගලන්තයේ, ලන්ඩන් නුවර ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ පුණ්‍යා හීන්දෙනිය මහත්මියට කොවිඩ්-19 සඳහා වන එන්නත් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රථම අදියරේදී මෙම එන්නත ලබා ගැනීමට තමන්ට හැකි වූ බවත් ඉක්මනින් මෙම වසංගතය ලොවෙන් තුරන් වන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවත් ය.
ශ්‍රී ලාංකේය සිනමාවේ මං සලකුණු සනිටුහන් කළ කුරුලු බැද්ද (රන්මැණිකා), සිකුරු තරුව (අනුලා), ගම්පෙරළිය (නන්දා), පරසතුමල් (කමලා) හා රන්සළු (සුජාතා) ආදී චිත්‍රපට හරහා ඇය මෙරට සිනමා ප්‍රේක්ෂක හදවත් දිනා ගත් ප්‍රවීණ රංගන ශිල්පිනියකි.


More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි