මෙරටට පැමිණෙන ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනය කිරීම සඳහා වැඩි පහසුකම්වලින් යුත් තරු පන්තියේ හෝටල් 7ක් වෙන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ ශ්‍රමිකයින්ට පමණක් නොමිලේ මෙම අවස්ථාව හිමිවන බව එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.
මේ වනවිට නොමිලේ නිරෝධායන පහසුකම් දීමේ වැඩසටහන යටතේ ලාංකික ශ්‍රමිකයින් 430 දෙනෙකුට වැඩි පිරිසක් දිවයිනට ගෙන්වා ඇති බව මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට