කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුල ශතකයක් වාර්තා කල ලාබාලතම ක්‍රීඩිකාව බවට පත්වීමට අයර්ලන්තයේ Amy Hunter සමත්ව තිබෙනවා. ඇය තවමත් පසුවෙන්නේ 16 වෙනි වියේහියි. විශේෂත්වය නම් ඇයගේ 16 වෙනි උපන්දිනයත් අදට යෙදී තිබීමයි.
Hunter විසින් බිඳ දැමුනේ වයස අවුරුදු 16යි දින 205කදී ශතකයක් රැස්කල ඉන්දීය ක්‍රීඩිකා මිතලි රාජ්ගේ වාර්තාවයි.
තරඟය මේ වනවිටත් පැවැත්වෙමින් ඇත්තේ සිම්බාබ්වේහී හරාරේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය තුලයි. සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අයර්ලන්තය පන්දුවාර 50 අවසානයේ දැවැන්ත ලකුණු 312ක් එක්කොට තිබෙනවා. ඒ Amy Hunter පන්දු 127ක් තුල නොදැවී රැස්කල ලකුණු 121ත් සමඟයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි