කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් සහගතවීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයින් විසින් භාරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමට මූලික වූ ප්‍රබල භික්ෂුන් වහන්සේ නමක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
“ලාහට ගෙම්බො එකතු කරන්නා වගේ පොඩ්ඩ පොඩ්ඩ ගෙනල්ලා මේ එන්නත විදීමෙන් වෙන්නෙ මොකද්ද, තවතවත් මිනිස්සු ළඟ තියෙන ක්‍රෝධය වෛරය පැසවලා ඉදිරියට යන එකයි වෙන්නෙ. රජය පිළිබඳ ලොකු කළකිරීමක් ඇති වෙන්නෙත් ඒ නිසයි. ඉතිං ගොඩක්ම වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයො තමයි මේ මුළු වගකීම බාරගන්න ඕනෑ. එනිසා දැන්වත් ජනාධිපතිතුමනි, වැඩබැරි ටාසන්ලා ටික අත්හැරලා දාලා, කළපුරුද්දත් පළපුරුද්දත් තියෙන මිනිස්සු ටික ඇරගෙන විධිමත් ක්‍රමවේදයක් මත මේ එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් හදන්න කියන එකයි අපි ඉල්ලන්නෙ” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (29) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්