තම සමාගම ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම වේගවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති ලිට්රෝ සමාගම අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ
එමෙන්ම සියලුම ගෑස් සිලින්ඩර විධිමත් සුපරික්ෂාවකට යොමු කිරීමේදි සහ සිලින්ඩර නඩත්තු කිරීමේදි සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට තම සමාගම සියලු විධිවිධාන සලසා ඇති බවද එම නිවේදයේ සඳහන් වෙයි.
ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම පවසයි.
එමෙන්ම තම දෛනික පිරවීම් හා බෙදාහැරීම් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදි ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සැපයුම සිදු කළ හැකි බව ලිට්රෝ සමාගම සිය නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට