ලෝකයේ මිනිසාට හානිකර බෝවන රෝග අතරින් 9 වැනි ස්ථානය ගන්නේ ලිස්මනයිසිස් රෝගයයි.
වැලි මැස්සා නම් වාහකයකුගෙන් පැතිරෙන පරපෝෂිතයකු මගිනුයි පැතිරෙන මෙම රෝගය ලෝකයේ රටවල් 97ක දැනටමත් මෙම රෝගය ව්‍යාප්ත වී තිබේ.
වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ලිස්මනයිසිස් නම් චර්ම රෝගයට ගොදුරු වූ රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වේ.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන ප‍්‍රදේශ වලින් මෙම රෝගීන් වාර්තාවී තිබේ.
එම නිසා ලිස්මනයිසිස් රෝග ව්‍යාප්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් මෙම මස 15 වැනි අඟහරුවාදා උදේ 9.00 සිට දහවල් 12.30 දක්වා අනුරාධපුර විජයපුර පළාත් සෞඛ්‍ය පුහුණු ඒකකයේ දී පැවැත්වෙන බව, අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
-SLRC
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්