වෙළෙදපොළ තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති ලීටර් දහඅටේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය අත්හිටුවන බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති හේෂාර ජයසිංහ පැවැසුවේය.
ඒ අනුව මින් ඉදිරියට ගෘහස්ථ පරිභෝජනය සඳහා ලිට්‍රෝ ආයතනය විසින් නිපදවා බෙදාහරිනු ලබන්නේ කිලෝග්‍රෑම් 12.5 වශයෙන් සටහන් කෙරුණු පාරිභෝගිකයාට හුරුපුරුදු සාමාන්‍ය ගෑස් සිලින්ඩරය පමණක් බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙලෙස ලීටර් 18 වශයෙන් සටහන් කෙරෙන දැනට වෙළෙඳපොළේ රුපියල් 1395ක මිලකට අලෙවිකරණ ගෑස් සිලින්ඩරය නිෂ්පාදනය කිරීම අත්හිටුවන ලෙස සභාපතිවරයා ලිට්‍රෝ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය සතියේ බ්‍රහස්පතින්දාය (22 වැනිදා). පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය ගනුලැබූ තීන්දුවකට අනුව එම ලීටර් 18 ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 1150ක් ලෙසට තීරණය කර ඇති අතර එම මිල සටහන් කෙරුණු ගැසට් නිවේදනය නිකුත් කෙරුණු වහාම වෙළෙඳපොළේ ඉතිරිව ඇති එම ගෑස් සිලින්ඩර නව මිල යටතේ අලෙවි කොට අවසන් කිරීමට නියමිතය.
පසුගිය සතියේ වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල යම් හිඟයක් පැවැතීම පිළිබඳව සභාපතිවරයා අදහස් පළ කළේය.
‘මිල අඩුවෙන බවට ආරංචිය ලැබුණු වහාම අපේ ඒජන්තවරු සිලින්ඩර මිලදී ගැනීම නැවැත්තුවා. හේතුව ලබාගන්න සිලින්ඩර අඩු මිලට ලබාදෙන්න සිද්ධවෙයි කියලා. අපේ කර්මාන්ත ශාලාවල දිනකට ගෑස් සිලින්ඩර අසූදාහක් විතර නිෂ්පාදනය කරනවා. නමුත් පසුගිය සතියේ දෛනික අලෙවිය සිලින්ඩර හතළිස්දහ දක්වා අඩුවුණා. පාරිභෝගිකයොත් නව මිල එනකම් යම් ප්‍රමාණයකට මිලදී ගැනීම අඩුකරලා තිබුණා. ඒ නිසා තමයි වෙළෙඳපොළේ ගෑස් නෑ කියලා කතාවක් තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙලා.’
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්