ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිල සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන මැයි මස 4 වැනිදා පැවැත්වීමට නියමිත තරගය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තරගය ප්‍රේක්ෂකයන්ගේ ද සහභාගිත්වයෙන් විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකාව තුළ දැන් පවතින ‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් තරගය පැවැත්වීමට නැවත සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබාගත යුතු බවත් වර්තමානයේ පවතින තත්වය අනුව අනුමැතිය ලබාගැනීම ප්‍රශ්නයක් වියහැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි