ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ගැටලු ගැන එරට නියෝජ්‍ය අගමැති සමග සාකච්ඡා පවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
විශේෂයෙන්ම වීසා ඉකුත්ව එරට රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ වීසා බලපත්‍ර විධිමත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය ලෙබනනයේ නියෝජ්‍ය අගමැති සීනාර් අකාස් මහත්මිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද එම අමාත්‍යාංශය කියා සිටී.
මෙම හමුවේදී ශ්‍රී ලාංකික විගමණික ප්‍රජාව ආපසු සිය රටට ගෙන්වා ගැනිමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද තානාපතිවරිය ලෙබනන් රජයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පල කළාය.
සියළුම පාර්ශවයන් එක්ව එරට පවතින දේශපාලන අර්බුදය විසඳනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් ලෙබනන් නව කැබිනට්ටුව පිහිටුවීමෙන් අනතුරුව දැනට සිදුකරගෙන යන ලෙබනනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගිවිසුම්වල කටයුතු සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කරන ලදි.
2015 දී යුනෙස්කෝව සඳහා ලෙබනනයේ අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය පිළිබඳව තානාපතිනිය ලෙබනන නියෝජ්‍ය අගමැතිවරයා දැනුවත් කළ අතර 2023-2027 කාලය සඳහා ජාත්‍යන්තර නීති කොමිසම (ILC) සඳහා තානාපති මොහාන් පීරිස් මහතාගේ අපේක්ෂකත්වය සඳහා අන්‍යෝන්‍ය සහයෝගය ඉල්ලා සිටියාය. එම ඉල්ලීම ක්‍රියාවට නැංවීමට නියෝජ්‍ය අගමැතිවරිය එකඟ විය.
බේරූට් පිපිරීමෙන් විපතට පත් වූවන් සඳහා ලංකා තේ සහ ආහාර සලාක පරිත්‍යාග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ස්තූති කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය, ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාව සහතික කළාය.
මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා තානාපතිනිය සමඟ කම්කරු හා සුබසාධන උපදේශක ශ්‍රීමාල් කහතුඩුව මහත්මිය සහ දෙවන ලේකම් (කම්කරු) ටී. ලක්ෂ්මිදරන් මහතාද සහභාගී වූහ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්