ලෙබනනයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා යළි ඉල්ලීමක් කරයි.
ලෙබනන ජනතාවට සහ එරට ස්වෛරීත්වයට සහාය පළ කිරීම වෙනුවෙන් පැරිස් නුවරදී ආරම්භවූ ජාත්‍යන්තර සමුළුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.
සටන් විරාමය ප්‍රමුඛ කාර්යයකි. ආරක්ෂක මණ්ඩලයේ 1701 වන යෝජනාවට සියළු පාර්ශ්ව ගරු කළ යුතු අතර එය ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතුය. සාමය හා ආරක්ෂාව ඉටුකර ගැනීමට ඉන් හැකියාව ලැබෙන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.
දකුණු ලෙබනනයේ හමුදාවට සහාය වීම හා එක්සත් ජාතීන්ගේ ලෙබනන අන්තර් බලකායේ මෙහෙවර සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් තමා එක්සත් ජාතීන් හා එම බලකායට සේනා සපයන්නන් කෙරෙහි විශ්වාසය තබන බවද හෙතෙම කියා සිටී. ලෙබනනයට ආධාර ලෙස යුරෝ මිලියන සියයක් ලබා දීමට ප්‍රංශය ප්‍රතිඥා දෙන බවද මැක්‍රෝන් මහතා කියා සිටී. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයන්ට මැදිව සිටින ලෙබනන ජනතාවට සහාය වීම සඳහා ඩොලර් මිලියන 426ක් අවශ්‍ය බව එක්සත් ජාතීන් පවසා ඇති පසුබිමක ප්‍රංශ ජනාධිපතිවරයා මෙම මූල්‍ය ප්‍රදානය ප්‍රකාශයට පත් කළේය. මේ අතර මාධ්‍ය හමුවක් කැඳවූ ප්‍රංශ විදේශ ඇමතිවරයා පැවසුවේ ආධාර වශයෙන් ඩොලර් බිලියනයක මුදලක් එකතු කර ගැනීමට හැකිව ඇති බවයි. ඉන් ඩොලර් මිලියන 800ක් මානුෂීය ආධාර සඳහා වන අතර තවත් මිලියන 200ක් ලෙබනන ආරක්ෂක හමුදා වෙනුවෙනි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි