ලෙබනනයේ, බේරූට් අගනුවර සිදුවූ පිපිරිම හේතුවෙන් එරට සිටින ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ වන වීට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
එම පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.
නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ.
එරට සිටින ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට විශේෂ සහන සේවා දුරකථන අංකයක් එරට පිහිටි තානාපති කාර්යාලය ලබාදී තිබෙනවා.
ටෙලිෆෝන් +961 5769585
විද්‍යුත් තැපැල් ලිපිනය : slemb.beriut@mfa.gov.lk
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට