කොවිඞ් වෛරසයට එරෙහිව අමෙරිකාව නිපදවන ලද ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නතට අනුමැතිය දුන් පළමු රට බවට මහා බි්‍රතාන්‍යය පත්ව තිබෙනවා.
එය ලබන සතියේ සිට රෝගීන්ට එන්නත් කිරීමට නියමිතයි.
බි්‍රතාන්‍ය බළධාරීන් සඳහන් කලේ මෙම එන්නත සියයට 95 ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම මත එය රෝගීන්ට ප්‍රතිකාර වෙනුවෙන් දීමට අනුමැතිය පිරිනැමූ බවයි.
මේ අනුව ඉහළ ප්‍රමුඛතා ලැයිස්තුවේ සිටින පුද්ගලයන්ට පළමුවෙන් එන්නත ලබා දෙනු ඇති.
මහා බි්‍රතාන්‍යය විසින් දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 40 ක් ඇණවුම් කර තිබෙනවා.
මාත්‍රා 02 බැගින් පුද්ගලයන් කෝටි 02 කට දීමට එය ප්‍රමාණවත් වනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි