ශ්‍රී ලංකාවට අවශ්‍ය රුධිර අවශ්‍යතාව පවත්වාගෙන යෑමට ‘රත්ත’ ලෙස දුරකථන මෙවලමක් (ඇප්) හදුන්වා දෙන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මේ දක්වා ශ්‍රී ලංකාවට අවශ්‍ය වාර්ෂික රුධිර අවශ්‍යතාව පවත්වාගෙන යෑමට සමත්ව ඇති බව කී වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා තාක්‍ෂණය යොදාගෙන ඒ සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකථන වන 0115332153 හෝ 0115332154 වලට ඇමතීමෙන් හෝ බඉඑිගයැ්කඑය වෙබ් පිටුව පිටුවට පිවිසීමෙන් හෝ ‘ෆේස්බුක්’ ඔස්සේ හෝ පැය 24 පුරාම ස්වෙච්ඡා රුධිර දායකයන්ට සම්බන්ධවිය හැකි බවත් ශ්‍රී ලංකාව පුරා රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 107 ක් ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.
වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ වාර්ෂික රුධිර අවශ්‍යතාව රුධිර ඒකක (නිරෝගී දායකයකුගේ රුධිර මිලිමීටර 450 ක්) 450,000 ක් පමණ වන බවත් ‘ඩෙල්ටා’ ප්‍රභේදයත් සමඟ අභියෝගය තවත් සුවිශේෂී වී ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ රුධිර අවශ්‍යතාවයෙන් සියයට 80 ක් 85 ක් රුධිරදායක කඳවුරුවලිට ස්වෙච්ඡාවෙන් එන රුධිරදායක මහත්ම මහත්මීන්ගෙන් සම්පූර්ණ කරගන්නා බවත් වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා කීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්