රජයට රුපියල් ලක්ෂ 640ක් පාඩු කරන ලදැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩු 04කින් ඔහු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඊයේ (27 වැනිදා) නියෝග කළේය.
මෙම නඩු පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතියකින් තොරව හෙයින්, විත්තිකරුට එරෙහි චෝදනා පත්‍ර නැවත නඩු පැවරීමේ කොන්දේසියට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.
එම ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මාස තුනක් ඇතුළත විත්තිකරුට එරෙහිව යළි නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.
විත්තිකාර චන්ද්‍රවංශ පතිරාජ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එනම් 2010 වසරේදී ලොතරැයි පත් ප්‍රවර්ධනය සඳහා ගිවිසුම් ගත වූ සමාගම් සමග කටයුතු නොකර වෙනත් සමාගම් සමග කටයුතු කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 640ක පාඩුවක් සිදුකර ඇතැයි චෝදනා නගමින් අල්ලස් කොමිසම විසින් අදාළ නඩු පවරා තිබිණි.
විත්තිකරුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අවසර ලබා නොදුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුට විදෙස්ගතවීමට අවශ්‍ය වූ විටක අදාළ ඉල්ලීම් අධිකරණය වෙත යොමු කරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
- aruna news
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්